නවතම පුවත්

මෙරට සම්පූර්ණ එන්නත් ක්‍රියාවලිය නොවැම්බරයේ අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ  එන්නත්කරණ වැඩසටහන ලබන නොවැම්බර් මාසය වනවිට සම්පූර්ණ කිරීමට හැකිවෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර සිටී . .

මෙරට වයස අවුරුදු 30 ට වැඩි ජනගහනය වන  එක් කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න පිරිසකට එන්නත ලබාදීමට සැලසුම් කර ඇති අතර  ඔවුන්ට එන්නත් මාත්‍රා 02 ම ලබාදීම සඳහා එන්නත් මාත්‍රා තුන්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

මේ දක්වා එන්නත් මාත්‍රා එක් කෝටි විසිහය ලක්ෂයක් පමණ මෙරටට ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසන අතර . ඒ අනුව තවත් එන්නත් මාත්‍රා කෝටි 02 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාගත යුතු ව ඇත ..

මේවනවිට ලොව පිළිගත් එන්නත් වර්ග 5 ක්ම මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබෙන අතර  ඒ, ඇස්ට්‍රාසෙනිකා, සයිනොෆාම්, ස්පුට්නික්, ෆයිසර් සහ මොඩර්නා වශයෙනි  කෙසේවෙතත් . රුසියාවේ යළිත් මතුව ඇති කොරෝනා අවදානම හේතුවෙන් එරටින් ලැබෙන ස්පුට්නික් එන්නත් මෙරටට ලැබීම තරමක් ප්‍රමාද වී ඇත .

කෙසේවෙතත්, ස්පුට්නික් එන්නත් ලබාගැනීම සඳහා මේවනවිටත් ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසන්නේ. දෙවන මාත්‍රාව ලබා දීමට හිග වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නත් ද ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බවට ද විශ්වාසය පළවේ .

මේවනවිටත් මෙරට ජනගහනයෙන් පුද්ගලයින් හැටපන් ලක්ෂ 42,000 කට අධික පිරිසකට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව හෝ ලබාදී අවසන්. මාත්‍රා 02 ම සම්පූර්ණ කර ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව දාහත් ලක්ෂ 36,000කට අධික බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්