නවතම පුවත්

ඕටී නිසා ගුවන් යානයක් ආපසු හැරවූ මුස්ලිම් ජාතිකයාට නඩු

අසංක

අසංක

අමෙරිකාවේ මියාමි ගුවන්තොටුපලින් මගීන් 150ක් රැගෙන බහමාස් බලා පියසර කර ටික වේලාවකින් වාණිජ ගුවන් යානය ගොඩබස්වා මගීන් එළියට ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට කාර්‍ය මණ්ඩලයට සිදුවීමට හේතුවූ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කර තිබේ.

මෙම අර්බුදය ඇතිකර තිබුණේ අමෙරිකානු ගුවන් සමාගමේ මුස්ලිම් ජාතික කාර්මික ශිල්පියෙකි.

ඔහු විසින් යානයේ ගුවන් දත්ත, මාර්ග දත්ත ආදී සංවේදී දත්ත පද්ධතියට හානි කර තිබේ.

ගුවන් යානය පිටත් කොට සුළු වේලාවකින් දත්ත පද්ධතියේ දෝෂ මතුවූ බැවින් වහාම යානය නිරුපද්‍රිතව ගොඩබස්වා ඇත.

එහෙත් මගීන් 150 දෙනා වහාම ඉන් ඉවතට ගැනීමට කටයුතු කොට යානය පරීක්ෂා කිරීමට යොමු කර ඇත.

ඉතිහාසයේ කළු පැල්ලමක් ඇතිකළ ත්‍රස්ත ප්‍රහාරයක් වූ 9/11 ප්‍රහාරය සිදුවී 18 වසරක් සපිරීමට දින 5ක් තිබියදී එම බිහිසුණු මතකය අවදි කිරීමට උත්සහ දැරීමක් ද යන්න ඇතමුන් ප්‍රශ්න කරයි.

කාර්මිකයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ  හිතාමතාම ගුවන් යානයට හානිකිරීම, විනාශ කිරීම, අක්‍රීය කිරීම හෝ සුන්බුන් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේයි.

කෙසේවෙතත් මෙම කාර්මිකයා පවසා තිබුණේ තමාට මුදල් ඉපයීම සඳහා අතිකාල සේවයේ පැය කිහිපයක් නිරත වීමේ අරමුණින් එය කළ බවයි.

ගුවන් සමාගම හා සේවකයන් අතර අතිකාල කපාහැරීම පිළිබඳ වූ එකඟතාවට තමන් කිසිසේත් කැමති නැති බවයි.

ඊට හානි කළ ද යානයට මුකුත් නොවන බව ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් මෙම කාර්මිකයාට එරෙහිව මේ වනවිට ෆෙඩරල් අධිකරණය හමුවේ නඩුවක් විභාග වේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්