නවතම පුවත්

ඕනම රටක දින 70කදී කොරෝනා ඉබේම පාලනය වන බවට සොයාගැනීමක්

අසංක

අසංක

කොරෝනා වෛරස ව්‍යාප්තිය ඕනෑම රටකදී දින 70ක් ඇතුලත “ඉබේම ” පහව යන බව ඊශ්‍රායල ජාතික ප්‍රකට මහාචාර්යවරයෙකු වන ඉසාක්බෙන් මහතා ප්‍රකාශ කර සිටී .

ඒ අනුව සංචරණ සීමා හා දුරස්තකරණයන් සිදුකලත් නැතත් , මෙම වෛරසය දින 70 ක පමණ කාලපරාසයක් තුල කෙමෙන් බලරහිතව අක්‍රීය වන බවද එම මහාචාර්යවරයා පෙන්වාදී ඇත.

මෙම වෛරසය ඕනෑම රටකදී දින 40ක පමණ කාලසීමාවකදී උපරිම සක්‍රීයභාවයකට පැමිණෙන බවත් ඉන් අනතුරුව කෙමෙන් එහි ක්‍රියාකාරීත්වය අඩුවී ව්‍යාප්තිය ස්වයංව පාලනය වීමක් සිදුවන බවත් ඉසාක් මහතා සඳහන් කර ඇත .

ඊශ්‍රායලයේ ටෙල් අවිව් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඉසාක් බෙන් මහතා මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය මාස තුන තුල කොරෝනා වෛරසය ලොව පුරා ක්‍රියාත්මක වූ අකාරය පිළිබඳව කරන ලද සුවිශේෂී අධ්‍යයනයකින් අනතුරුවය .

” මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භවී සති හයක් පමණ යන විට එහි දෛනික ආසාධන ප්‍රතිශතය සියයට 10 ක් දක්වා පහල වැටෙන බවත් , දින 49 ක් පමණ ගතවන විට එය සියයට 5ක් දක්වා පහත වැටෙන බවත් ඉසාක් තම නිරීක්ෂන හා අධ්‍යයන හරහා පෙන්වාදී ඇත.

කෙසේ වෙතත් බටහිර රටවල් රැසක විශේශාඥයින් කිහිපදෙනෙකුම ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඉසාක් බෙන් ගේ මෙම ගණිතමය පැහැදිලි කිරීම පිළිගත නොහැකි බවකි . එය විද්‍යාත්මකව ඔප්පු කිරීමට සාක්‍ෂි ප්‍රමාණවත් නැති බවද එම විශේෂඥයින් පෙන්වාදී ඇත.

මෙසේ කොරෝනා වෛරසය “ඉබේ ” පාලනයවීමට හේතුව කුමක්ද යන්න මෙහිදී ජාත්‍යන්තර මාධ්‍ය විසින් කල විමසීමකදී ඉසාක් බෙන් මහතා පවසා ඇත්තේ එය තමන්ද හරි හැටි නොදන්නා බවය .

ඇතැම් විට එහි ජීව කාලය අවසන් වෙමක් සිදුවනවා විය හැකි බවද ඔහු එහිදී පවසා ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්