නවතම පුවත්

ඕමික්‍රෝන් නිසා අපට දඬුවම් දෙන්න එපා – දකුණු අප්‍රිකාව ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිය රට දඬුවමට ලක්ව ඇතැයි දකුණු අප්‍රිකාව චෝදනා කර ඇත

දකුණු අප්‍රිකානු  විදේශ කටයුතු අමාත්‍යංශය සිය රටට එරෙහිව විදෙස් රටවලින් පනවා ඇති සංචාරක තහනම හෙළා දකිමින් මේ වනවිට නිවේදනයක්ද නිකුත් කර ඇත .

ඒ අනුව විද්‍යාවේ විශිෂ්ඨත්වය අගය කළ යුතු නමුත් ඒ ඔස්සේ රටවලට දඬුවම් නොකළ යුතු බවයි එම නිවේදනය මගින් දකුණු අප්‍රිකාව පෙන්වා දෙ.

ලොව අනෙක් රටවලින් කොරෝනා නව වෛරස් ප්‍රභේදයන් සොයා ගත් අවස්ථාවන්වලදි ඊට ප්‍රතිචාර දැක්වීමට වඩා හාත්පසින්ම වෙනස් අයුරකින් ජාත්‍යන්තර ප්‍රජාව සිය රටට ප්‍රතිචාර දක්වමින් සිටින බවට ද දකුණු අප්‍රිකාව චෝදනා නගයි .

. එසේම සිය රටට එරෙහිව සංචාරක තහනම් පනවා ඇත්තේ විද්‍යාත්මක හේතු මත පදනම්ව නොව දේශපාලන හේතු මත පදනම්ව පමණක් බවද  දකුණ අප්‍රිකාව චෝදනා නගා ඇත

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනුණු ඔමික්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් මේවනවිට ලොව රටවල් රැසකින් වාර්තා වේ.. එම රටවල් අතරට, බ්‍රිතාන්‍යය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, බොට්ස්වානා, හොංකොං හා ඊශ්‍රායලය යන රටවල් අයත්වේ..

ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිතයින් හමුවීමත් සමග විදේශිකයින් සඳහා රට වසා දැමීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය මේවනවිටත් අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්