ඕස්ට්‍රේලියානු හමුදාවේ දහසක් ශ්‍රී ලංකාවට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සමග ඔස්ට්‍රේලියාව පවත්වනු ලබන විශාලතම ආරක්ෂක අභ්‍යාසය සඳහා 1,000කට අධික ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ සාමාජික පිරිසක් සමඟ නෞකා 04 ක් අද (23) දිවයිනට පැමිණියේය .

ඒ අනුව නෞකා දෙකක් කොළඹ වරායට සෙන්දු වූ අතර තවත් නෞකා දෙකක් ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව අලුත් මට්ටමකට වර්ධනය කරමින් “ඉන්දු – පැසිෆික් එන්ඩේවර් 2019” වැඩසටහන යටතේ මෙම ආරක්ෂක අභ්‍යාසය ක්‍රියාත්මක වේ.

කොළඹ වරාය වෙත මුලින්ම පැමිණි HMAS කැන්බරා නෞකාව ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සතු විශාලතම ගුවන් යානා ප්‍රහාරක නෞකාව වන අතර එය හෙල්කොප්ටර් අංගනයකින් ද සමන්විත විශේෂිත නෞකාවක්වේ .

එසේම එම නෞකාවට ආරක්ෂාව සපයමින් නිවුකාසල් නෞකාව කොළඹ වරාය වෙත පැමිණියේය . එහිදී එම නෞකා පිළිගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ තූර්යවාදන කණ්ඩයම්වල ආචාරය යටතේ සිදුවිය .