නවතම පුවත්

රිච්මන්ඩ් පැරදූ මහින්දය එක්දින තරගයේ ජයපැන්බොති

අසංක

අසංක

මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ එක්දින තරගයේ ජය තමන් සතු කරගැනීමට මහින්ද ක්‍රීඩකයෝ අද (23) සමත්වුහ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම එක්දින තරගයෙන් රිච්මන්ඩ් පිල පරදා මහින්දය කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කළේ තවත් පන්දු 34ක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව මෙවර මහා ක්‍රිකට් තරගාවලියේ දෙදිනක් පුරා පැවැති මහා ක්‍රිකට් තරගයේ ජයලැබු රිච්මන්ඩ් පිළේ ජයග්‍රාහි මානසිකත්වය තවත් සතියක් ගතවීමට පෙර තමන් සතු කර ගැනීමට මහින්ද ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත්වීම විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 170කි. වරෙක කඩුලු 7ක් දැවී ලකුණු 92ක්ව පැවතියේ ය. එම අවස්ථාවේ දී පිටියේ එක් වූ දිමුත් සඳරුවන් සහ විමුත් සප්නක එක්ව ලකුණු 78 නොදැවුණ සබඳතාවක් එක් කළහ.
එහි දී දිමුත් සඳරුවන් පන්දු 52කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද විමුත් සප්නක පන්දු 58ක දී කිසිදු සීමා ලකුණක් නොමැති ලකුණු 35ක් ද ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්හ.
මහින්ද ආරම්භක පිතිකරුවෝ ලකුණු 65ක් ලබා ගනිමින් ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමේ අඩිතාලම දැමූහ. නවෝද් පරණවිතාන පන්දු 40කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී උඩ පන්දුවක් ලබා දීමෙන් දැවී ගියේය. ආරම්භක පිතිකරු කෞෂිත කොඩිතුවක්කු දැවී ගියේ පන්දු 83කට මුහුණ දී හතරේ පහර 2ක් සමග ලකුණු 35 ලබා සිටියදීය.
නිපුන් මාලිංග පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් ප්‍රේක්ෂකාගාර දෙසට එල්ල කරමින් ක්‍රිඩා ලෝලීන් කුල්මත්කරමින් ලකුණු 21ක් ලබා ගත්තේ ය. රංසික වැළිහිඳ පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය.
කඩුලු ලබා ගැනීමේ දී දිලුම් සුධීර ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර දිමුත් සඳරුවන් ලකුණු 26කට කඩුලු දෙකක් දවා ගත්තේ ය.


තරගයේ සම්මාන ප්‍රදානයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසින් මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුධීර ද, දක්ෂතම පිතිකරු ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ දිමුත් සඳරුවන් සහ තරගයේ වීරයා ලෙසින් ජයග්‍රාහී මහින්ද විද්‍යාලයේ රංසික වැළිහිඳ ද නම් කෙරුණි.
රිච්මන්ඩ් විද්‍යාලය; කඩුලු 7ක් දැවී 170 (50) දිමුත් සඳරුවන් නොදැවී 45, විමුත් සප්නක නොදැවී 35, දිලුම් සුධිර 18, භානුක මනෝහර 18, කුෂාන් මදූෂ 2/32

මහින්ද විද්‍යාලය; කඩුලු 3ක් දැවී 171 (44.2) නවෝද් පරණවිතාන 35, කෞෂිත කොඩිතුවක්කු 35, රංසික වැළිහිඳ 35, නිපුන් මාලිංග 21, දිලුම් සුධීර 3/19, දිමුත් සඳරුවන් 2/26

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්