නවතම පුවත්

ඕස්ට්‍රේලියාවට කොරෝනා අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

කොරෝනා වෛරසය දැනටමත් ඔස්ට්‍රේලියාව තුල පාලනයකින් තොරව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බැවින් හැකිතාක් එකිනෙකාගෙන් ඈත්ව නිවෙස් වලට වී සිටින ලෙස එරට වෛද්‍ය සංගමය සියලුම එරට සියලුම වැසියන්ගෙන් ඉල්ලා සිටී .

එසේ නොමැතිවුවහොත් ඔස්ට්‍රේලියාව තුල මෙම වෛරසය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉතා ඉහල යා හැකි බවද එරට වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ඇන්ඩි මිලර් මහතා අවධාරණය කර ඇත.

වෛරසය පාලනය කරගත හැකි මට්ටමට එනතුරැ රට තුල දැඩි නීති පනවා , බොහෝ ආයතන හා සේවා වසා දැමීමට කටයුතු කල යුතු බවත් ඔහු සඳහන් කර ඇත .

කොරෝනා වෛරස රෝගයේ රෝග ලක්ෂණ ඇත්නම් වහා කලයුත්තේ නිවසේ රැදී අන් අයගෙන් ඉවත්ව සිටීම මිස රෝහලකට පැමිණීම නොවන බවත් , රෝග තත්වය උත්සන්න වුවහොත් පමණක් රෝහලට එන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර ඇත .

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා උසස් මට්ටමක පවතින නමුත් තවදුරටත් මෙම වෛරසය පැතිරයාම පාලනයකින් තොරව එගයෙන් ඉහල ගියහොත් , විශාල අර්බුදයක් මතුවනු ඇති බවද මිලර් මහතා සඳහන් කර ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි