නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි දුමාරය නවසීලන්තය යයි – ග්ලැසියර් දියවන ලකුණු

අසංක

අසංක

ඕස්ට්‍රේලියාව වසාගනිමින් පැතිරෙන ලැව්ගිනි දුමාරය නවසීලන්තය දක්වා කිලෝමීටර් 2,000 ක් (සැතපුම් 1,200 ක්) පැතිර තිබේ.

කහ පැහැයෙන් යුතුව දුමාරයක් ලෙසින් නවසීලන්තයට පළමු වරට මෙම ලැව්ගිනි දුමාරය පැමිණියේ පසුගිය 31 වැනිදායි.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි හේතුවෙන් නවසීලන්තයේ ග්ලැසියර් දුඹුරු පැහැයට හැරී ඇති බවත් ඒවා ඉක්මණින් දියවීමේ අවදානමට ලක්ව ඇති බවත් බලධාරීන් අනතුරු අඟවයි.

මෙම ලැව්ගිනි මාරාන්තික වීම නිසා ඔස්ට්‍රේලියානු රාජ්‍යයක් වන නිව්සවුත්වේල්සයට අද උදෑසන සිට ඉදිරි දින 7ක කාලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ඊයේ පියවර ගැනිණි.

නිව්සවුත්වේල්සයට මෙලෙස මාස 3ක් තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ 3 වැනි අවස්ථාව මෙයයි.

ලැව්ගිනි හේතුවෙන් මේ වනවිට 18 දෙනෙකු පමණ මියගොස් ඇත.

සත්ත්ව මරණ මිලියන 500 ක්ද හෙක්ටයාර මිලියන 5 ක් ගිනි ගනිමින් ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි තවත් දරුණු වෙමින් පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්