ඕස්ට්‍රේලියාව සංක්‍රමණිකයන් සංඛ්‍යාව කප්පාදු කරයි

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඔස්ට්‍රේලියාව, එරටට වාර්ෂිකව පැමිණීමට අවසර දෙන විදෙස් සංක්‍රමණිකයින් සංඛ්‍යාව 15%කින් කප්පාදු කිරීමට කටයුතු යොදා ඇත.

අනුව වාර්ෂිකව සංක්‍රමණිකයින් 190000කට සිය රටට පැමිණීමට ඉඩ දුන් ඔස්ට්‍රේලියාව මින් පසු එය 160000 ක් දක්වා සීමා කර තිබේ.

මෙම කප්පාදුව නව ස්කිල්ඩ් වීසා ඔස්සේ ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව ඇතුළු වන සංක්‍රමණිකයින් 23000කට ද බලපානු ඇත.

වාර්ෂිකව ස්කිල්ඩ් වීසා කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාවට ඇතුළු වන පුද්ගලයින් 23000කට මුල් වසර 3 ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර තුනෙන් ඉවත දිවිගෙවා පසුව ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කළ හැකි බව ද එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රකාශ කළේ ය.

මේ යටතේ අනාගතයේ ස්ථිර පදිංචිය සඳහා අයැදුම් කරන පුද්ගලයින්ට සිය පදිංචිය සහ සේවා ලිපිනයට අදාළ තොරතුරු තහවුරු කිරීමට සිදු වනු ඇතැයි ඔස්ට්‍රේලියා සංක්‍රමණ අමාත්‍යවරයා අවධාරණය කරයි

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු නවසීලන්තයේ දේවස්ථාන දෙකකට වෙඩි තබා බැතිමතුන් 50 දෙනෙකු ඝාතනය කර ඇති පසුබිමකදී ඔස්ට්‍රේලියාව සිය සංක්‍රමණික ප්‍රතිපත්තියේ මෙම නව වෙනස් කිරීම් ප්‍රකාශයට පත් කර ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටී.