ඕස්ටේ්රලියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන යළිත් සැලකිය යුතු ලෙස ඉහළ යමින් ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටී
ඒ අනුව ගතවූ පැය 24 දී පමණක් ඕස්ටේ්රලියාවෙන් කොරෝනා මරණ 10 ක් වාර්තා වී ඇත.
එසේම ගතවූ පැය 24 දී ඕස්ටේ්රලියාවෙන් හඳුනා ගෙන ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 453 ක්වේ.
මෙම ආසාධිතයින් සියලු දෙනාම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඒ අනුව එම ප්‍රාන්තයට සති 06 ක් කාලයක් සඳහා සංචරණ සීමා පැනවීමටත්,
අනෙක් ප්රාන්තයන් සමග පවතින දේශසීමා වසා දැමීමටත් ඕස්ටේ්රලියානු බලධාරීන් පියවර ගෙන ඇත.
. ඕස්ටේ්රලියාවෙන් මේ වනවිට සමස්තයක් ලෙස කොරෝනා ආසාදිතයින් 14,403 දෙනෙකු වාර්තා වන අතර කොරෝනා මරණ 155 ක් වාර්තාවී ඇත