ඖෂධ දත්ත මැකුවේ සල්ලි ගන්නයි – විමර්ශනයෙන් හෙළිදරව්වක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ආර්ථික ලාභ මූලික කර උවමනාවෙන්ම මකා දමා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ .

දිගින් දිගටම ඔවුන් මෙම කටයුත්තේ නිරතව සිට ඇති බව විමර්ශකයන් හෙළිකරගෙන ඇති බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අයත් එම දත්ත පද්ධතිය පවත්වාගෙන යන සමාගම විසින් අකටයුත්ත කර ඇතැයි ද හෙළිවී ඇත.

දැනට අධිකාරිය යටතේ ලියාපදිංචි වී සිටින ඇතැම් ඖෂධ සමාගම්වල පවා දත්තයන් විටෙන් විට වෙනස් කිරීමට පවා කටයුතු කර තිබෙන බව විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

මෙම සමාගම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහුගේ අනුදැනුම ඒ සඳහා තිබුණු බව පෙනී ගිය නිසා බවත් මෙසේ දත්ත වෙනස්කරමින් අලුත් දත්ත එකතු කරමින් නීතිවිරෝධී ලෙස කටයුතු කළ මෙම සමාගමේ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු පැවැසීය.