නවතම පුවත්

ටීවී- ෆෝන්- ඇඳුම් ආදි භාණ්ඩ 623කට ආනයනය සීමා දැඩි වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

ආනයන සඳහා පවතින සීමා තවත් දැඩි කරමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී ඇනවුමේ මුළු වටිනාකම ආනයනකරු විසින් වාණිජ බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව කොන්දේසි පනවා තිබේ.

ජංගම දුරකථන, රූපවාහිනී, විදුලි පංකා, ගෘහ උපකරණ, මාළු, චීස්, පලතුරු, සෙල්ලම් බඩු, ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් සඳහා මෙම කොන්දේසි පනවා ඇත. මෙම භාණ්ඩ ආනයනකරුවන්ට ණය පහසුකම් ලබා නොදෙන ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත.

නව කොන්දේසියට අනුව බැංකුවක මුළු වටිනාකමට අයත් මුදල් තැන්පත් නොකරන ආනයනකරුවන්ට මෙම භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබා නොදේ. රට තුළ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා ආනයනය ක වියදම් සීමා කර ගැනීමේ පියවරක් ලෙසත් මෙම කොන්දේසි පනවා ඇත.

මෙම භාණ්ඩ 623 ආනයනය සඳහා 2019 වසරේදී වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1057.9කි. 2020 වසරේදී ආනයනය සීමා පැවතියද ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 871.2ක් වැයවී තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුලි දක්වා මෙම භාණ්ඩ සඳහා වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් 753.4කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්