අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපයට මේ වනවිටත් ආයෝජකයින් 24 දෙනෙකු රු. බිලියන 28 ක් මුදලක් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ .
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා අයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ “අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය“ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් 24 දෙනෙකු තෝරාගනු ලැබ ඇති අතර .එම ආයෝජකයින් විසින් රු. මිලියන 28,200ක් පමණ මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව තෝරාගනු ලැබ ඇති දේශීය ආයෝජකයින් වෙත පළමු වසර 05 සඳහා බදු විරාම කාලයක් සහිතව වසර 35 ක කාලයක් සඳහා ඉඩම් කොටස් බදු දීමට නියමිතය.
යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.