නවතම පුවත්

ඖෂධ නිෂ්පාදන කලාපයට, රුපියල් බිලියන 28ක ආයෝජන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපයට මේ වනවිටත්  ආයෝජකයින් 24 දෙනෙකු  රු. බිලියන 28 ක් මුදලක්  ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව වාර්තාවේ .

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් හා අයෝජකයින් දිරිගැන්වීමේ වැඩසටහන යටතේ අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ පැවති භූමියේ “අනුරාධපුර ඖෂධ නිෂ්පාදන කලාපය“ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ඒ සඳහා උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් දේශීය ආයෝජකයින් 24 දෙනෙකු තෝරාගනු ලැබ ඇති අතර .එම ආයෝජකයින් විසින් රු. මිලියන 28,200ක් පමණ මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජනය කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව තෝරාගනු ලැබ ඇති දේශීය ආයෝජකයින් වෙත පළමු වසර 05 සඳහා බදු විරාම කාලයක් සහිතව වසර 35 ක කාලයක් සඳහා ඉඩම් කොටස් බදු දීමට නියමිතය.

යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්