ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති CIDයට භාරවෙයි

Picture of අසංක

අසංක

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවැත්වූ සුදුවෑන් මාධ්‍ය හමුව සංවිධාන කළ සාමාජිකයකු බවට ඔහුට එරෙහිව ද චෝදනා එල්ල වී ඇත.

එමෙන්ම එම මාධ්‍ය හමුවට පැමිණි රියදුරන් බව කියූ පුද්ගලයන්ට ඊට සහභාගි වීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20ක මුදල ලබාදී ඇත්තේ රූමි මොහොමඩ් විසින් බවට සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ කර ඇත.