නවතම පුවත්

කටුනායක ගුවන් තොටුපළ සේවිකාවට කොරා්නා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

හලාවත ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සේවිකාව මීගමුව මහ රෝහල වෙත ඊයේ සවස ඇතුළත් කර පී.සී.ආර්.පරීක්ෂණයකට ලක් කර තිබේ .

එම පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම සේවිකාව මීගමුව මහ රෝහලේ සිට වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩී.එච්.රෝහල වෙත මාරු කර යවා තිබේ.

මේ අතර කටුනායක ගුවන් තොටුපළ තුළ ඇය සමීපව ඇසුරු කළ සේවකයින්ගේත් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා සෙම පටල ලබා ගැනීම සිදු කිරීම අරම්භ කර තිබේ.

මෙම සේවිකාවගේ පවුලේ සාමාජිකයන් ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිතය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්