නවතම පුවත්

දිවුලපිටියේ කාන්තාව ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් පළමුවෙන්ම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාව එම කොවිඩ් ආසාදිත පොකුරේ පළමු ආසාදිතයා නොවන බව වසංගත රෝග විද්‍යාතනයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

එසේම කර්මාන්ත ශාලාවේ සාමාජිකයන්ට පසුගිය 20 දා සිට ශ්වසන රෝග තිබී ඇති බවත් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබූ බවත් සුදත් සමරවීර මහතා පැවැසීය.

“කොරෝනා ආසාදිත කාන්තාව ගම්පහ රෝහට ඇතුළත්ව ඇත්තේ 30 දා. නමුත් අප කර්මාන්ත ශාලාවෙන් ලබාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 20 දා සිට එහි සාමාජිකයන්ට නොයෙක් ස්වශන රෝග තිබී තිබෙනවා. ඒක ක්‍රම ක්‍රමයෙන් වැඩිව තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. කර්මාන්ත ශාලාවට විදේශිකයන් පැමිණ ඇති බවට තහවුරුවක් නෑ.

නොයෙක් ආකාරයෙන් මෙතෙනට වෛරසය එන්න පුළුවන්. අපි පළමුවෙන්ම හඳුනාගත් කාන්තාව නෙමෙයි මෙතන රෝගී පොකුරේ පළමු රෝගියා වන්නේ. අපි හිතනවා මීට කලින් රෝගීන් එතන හිටියා කියලා. තවමත් එතන තොරතුරු ලබාගනිමින් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද මෙම රෝගය ආවේ කියලා හොයා ගන්න. එහෙම රෝගය ආවේ කොහෙන්ද කියලා තීරණය කර ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් රෝගය පාලනය කරන්න එය ගැටලුවක් නෙමෙයි. රෝගය කොහෙන්ද ආවේ කියලා දැනගන්න තිබුණනම් හොඳයි”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්