කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් මාස 03 තුළ අවසන් කිරීමට එහි ඉදිකිරීම් භාර ජපන් සමාගම අපොහොසත් වුවහොත් එය අසාදු ලේඛනගත කිරීමට ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ පිළිබඳව ජපන් රජයද දැනුවත් කිරීමට අමාත්‍යංශය දැනටමත් කටයුතු කරමිඉන් ඇති බව වාර්තාවේ.
ඒඅනුව ලබන මැයි මස 31 දින වන විට එම අංගනයේ ඉදිකිරීම් අනිවාර්යෙන් ම අවසන් කළ යුතු බව ඉදිකිරීම් භාර කසාමා නම් ජපන් සමාගමට අමාත්‍යංශය මේ වනවිට නියෝග කර ඇත.
මෙහි ඉදිකිරීම් ප්‍රමාදය නිසා ගුවන් තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අය කර ගැනිමට අමාත්‍යංශය සැලසුම් කර ඇති අතර ඒ අනුව , ගුවන් තොටුපළ පාලන අධිකාරිය මගින් විශේෂ කමිටුවක් පත් කර මෙම කටයුතු දිනපතා අධික්ෂණය කිරිමට පියවර ගෙන ඇත.
කසාමා නැමැති අදාළ ජපන් සමාගමට මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේ දී වන අතර ඉකුත් වසරේ ඔක්තෝම්බර් මාසයේ දි මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතු වුව ද අවස්ථා 04 කදී මෙහි කාලය දීර්ඝ කිරීමට රජය කටයුතු කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශය කියා සිටී.