කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර   එළඹෙන 18 දින සිට , සතියකට 03ක් දක්වා වැඩි කිරීමට  ශ්‍රී ලංකා ගුවන් සේවය  සැලසුම් කර ඇත.

මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇත.

මෙම ගුවන් ගමන් කොවිඩ් – 19 අදාළ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වේ .

මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොළඹ , ගාල්ල සහ මහනුවර ගුවන්  ප්‍රවේශ පත්‍ර අලෙවි කාර්යාල වලින්, සංචාරක නියෝජිතයන්ගෙන් , +94117771979 දුරකථන අංකයෙන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ www.srilankan.com  යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැක.