පැතුම් වික්‍රමරත්න
රට තුළ මතුවූ කඩදාසි හිඟය තවදුරටත් උත්සන්නවී ඇති බව වාර්තාවේ .
ඒ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් කඩදාසි ආනයනය අතිශය සීමා සහිත වීමත් සමඟයි. කඩදාසි මිල මිලද දිනෙන් දින ඉහළ යන අයුරු එහිදී දැකගත හැකිවන අතර පවතින තත්ත්වය මුද්‍රණ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපෑ ඇත
පවතින කඩදාසි හිඟය හේතුවෙන් ඇතැම් පිරිස් මුද්‍රණ කර්මාන්තයෙන් පවා ඉවත්වී ඇති බව වාර්තා වේ . එසේම මේ වනවිට පුවත් පත් කර්මාන්තයද දැඩි අර්බුදයකට මුහුණ පා ඇති අතර , මේ වනවිට ප්‍රධාන පෙලේ ජාතික පුවත් පත් කිහිපයක්ම තම මුදිත ප්රකාශනයන් අත්හිටුවා , අන්තර්ජාල පුවත් පත් ලෙස පමණක් පවත්වාගෙන යාමට සූදානම් වන බවද වාර්තාවේ .
කෙසේ වෙතත්කඩදාසි අර්බුදය හේතුවෙන් රජයේ මුද්‍රණ කටයුතු සිදුකරන රජයේ මුද්‍රණාලයේ තත්ත්වය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් සොයාබැලීමක් සිදුකළා. රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී පැවසුවේ අවශ්‍ය තරම් තොග මුද්‍රණාලය සතුව පවතින බවයි. ආනයනය තරමක් ප්‍රමාද වුවද වසරකට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව ඇතැයි ඇය සඳහන් කළා.