විනාශ කර දමා ඇති කුරුණෑගල බුවනෙක හෝටලය පැවති ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
මේ සමගම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන ලෙසද කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.
නීතිපතිවරයා විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මාධ්‍ය වෙත සඳහන් කර ඇත.