කතෝලික දේව මෙහෙයන් සති දෙකක් අවලංගු කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි දෙසතියක කාලය තුල දේව මෙහෙයන් නතර කිරීමට තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව මේ මොහොතේ සිට මාර්තු මස අග වන තෙක් ඉරිදා දින දේව මෙහෙයන් ඇතුළු කතෝලික දේවස්ථාන වල පවත්වනු ලබන සියලුම දේව මෙහෙයන් අවලංගු කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ.

කොරෝනා වෛරසය මර්ධනය කිරිමට රජය ගෙන යන වැඩපිලිවලට සහය පලකරන ලෙස මෙහිදී උන්වහන්සේ සමස්ත රට වැසියාගෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.