කමල් රත්වත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී ති‌බේ.

සැත්කමකින් අඅනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 61 වැනි වියෙහි පසුවිය.

ඒ මහතා මීට පෙර ද රාජ්‍ය ආයතන කිහිපයක නිලතල ගණනාවක් හෙබවීය. ඔහු මහසමන් දේවාලයේ බස්නායක නිලමේවරයකු ලෙස ද කටයුතු කළේය.

කමල් රත්වත්ත මහතා, හිටපු ප්‍රකට දේශපාලනඥයන් වන ක්ලිෆර්ඩ් රත්වත්තේ සහ මල්ලිකා රත්වත්තේ දෙපළගේ පූත්‍රයා ය.