නවතම පුවත්

“ඩෙල්ටා” කොවිඩ් ප්‍රභේදය ආසාධනය වූ තවත් 14ක් මෙරටින් හමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත “ඩෙල්ටා’ කොවිඩ් වෛරස  ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 14  දෙනෙකු මෙරටින් වාර්තාවී ඇති  බව රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය සඳහන් කර සිටි

මෙම පුද්ගලයින් කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් හඳුනා ගැනීමට හැකිවී ඇති බවද  එම ආයතනය සඳහන් කර ඇත

මෙරට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 123 දෙනෙකුගේ සාම්පල මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වාර්තාවක් එම විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් මේ වන විට කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් කරුණු දැක්වෙන nextstrain.org යන ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත යොමු කොට තිබෙනබවද වාර්තාවේ

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, කොලොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මිට පෙර සිදුකරන ලද ජානමය අනුක්‍රමණ පරීක්ෂණයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේදී හඳුනා ගනු ලැබුවා.

මේ අතර B.1.1.7. ලෙස හැඳින්වෙන ඇල්ෆා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ රැසකින් තවමත් වාර්තා වන බවයි අදාළ පර්යේෂණ වාර්තා වේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යාතනය විසින් සිදුකළ මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේ සම්පුර්ණ වාර්තාව මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත භාරදී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්