දම්පත් රණසිංහ
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් අද පැය 7ක් ප්රශ්න කළේය.
ඒ් 2008 වසරේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය පිළිබද සිද්ධිය සම්බන්ධයෙනි.
අද පෙරවරු 9ට කරන්නාගොඩ මහතා රහස් පොලීසියට ප්රකාශ ලබාදීම ආරම්භ කළ අතර ඒය අවසන් වූයේ පස්වරු 4ටය.
මෙම පැහැරගැනීම සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් නමැත්තාා විසින් සිදුකළ බව දැනගත් වහාම මෙම විමර්ශනයේ මුල්ම පැමිණිල්ල කරන ලද්දේ තමන් විසින් බව ද කරන්නාගොඩ මහතාා මෙහිදී රහස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම විමර්ශන සියල්ල සිදුවන්නේ ඒම මූලික පැමිණිල්ල ඔස්සේ බව ද කරන්නාගොඩ මහතා මෙහිදී පවසා ඇත.