නවතම පුවත්

කර්මාන්තකරුවන්ගේ කාරක ප්‍රාග්ධන ණය මුදල් ගැටලුවට ඇමැති විමල් මැදිහත්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොවිඩ් – 19 ව්යාප්තියත් සමග දේශීය කර්මාන්ත ශක්තිමත්ව පවත්වාගෙන යාම පිණිස රජය මගින් රාජ්ය හා පෞද්ගලික බැංකු හරහා කාරක ප්‍රාග්ධනය ලෙස 4% ක පොලියට ලබා දෙන ණය මුදල සේවක වැටුප් හා ජල – විදුලි බිල්පත් ගෙවීමට පමණක් නොව කර්මාන්ත සඳහා අවශ්ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ද වියදම් කළ හැකි ලෙසට ලබා දෙන ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.
අදාල ණය මුදල කර්මාන්තකරුවන්ට ඉතා කඩිනමින් ලබා දීමට පියවර ගන්නා ලෙසත් තමන් මහ බැංකුව හා රාජ්ය – පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවේදී කළ ඉල්ලීමට ධනාත්මක ප්රතිචාර ලැබුණු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේය.

73/1, ගාලුපාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්යංශ ශ්රවණාගාරයේ දී අද (11) පැවති කර්මාන්ත ශාලා රැක ගැනීමේ සංසදය සහ මහ බැංකුව ඇතුළු මෙරට රාජ්ය හා පෞද්ගලික වාණිජ බැංකු නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව පැවසීය.

මෙහි දී මාධ්ය වෙත අදහස් දැක්වූ කර්මාන්ත ශාලා රැකගැනීමේ සංසදයේ විධායක සභික කපිල එස්. වික්රමසිංහ මහතා කර්මාන්තකරුවන් මේ අවස්ථාවේ දී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත දී කර්මාන්ත අමාත්යවරයා දැනුම්වත් කළ බවත් ඒ අනුව තමන් ද කැඳවා කඩිනමින් මෙවැනි ඵලදායී සාකච්ඡාවක් මහ බැංකුව ඇතුළු මෙරට වාණිජ බැංකුවල සහභාගීත්වයෙන් පැවැත්වීම අගය කරන බවත් කියා සිටියේය.

ඉහත සාකච්ඡාවට අනුව සේවක වැටුප්, සහ ජල – විදුලි බිල්පත් ගෙවීමට අමතරව 4% පොලිය සහිත කාරක ප්රාග්ධන ණය මුදල අමුද්රව්ය මිලදී ගැනීම සඳහා ද යොදවා ගැනීමට අවස්ථාව හිමිවීම ඉතා වැදගත් බවත් එය තම කර්මාන්ත බිඳ නොවැටී පවත්වා ගැනීමට ඉමහත් රුකුලක් බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය. එසේම ඉහත ණය මුදල දින 45ක සීමාව නොතකා කඩිනමින් ලබාදීමට බැංකු එකඟවීම මේ මොහොතේ තම සංසදයේ සාමාජිකත්වය දරන කර්මාන්තකරුවන් 900ට අධික පිරිස ඇතුළු මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්රයට ඉතා ඵලදායක බව ද වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්යාංශ ලේකම් ජේ. ඒ. රංජිත්, අමාත්ය උපදේශක සුදේශ් නන්දසිරි, මහ බැංකුව ඇතුළු රාජ්ය හා වාණිජ බැංකු නියෝජිතයෝ ද කර්මාන්තශාලා රැකගැනීම සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් සම්පත් මහකඩුව, විමල් දිසානායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්