නවතම පුවත්

කොළඔ පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීම ඇරඹේ

අසංක

අසංක

කොළඔ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40,000ක් ඉදිකිරීමේ විශේෂ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය විසින් පසුගියදා ආරම්භ කෙරිණ.

මැද කොළඹ ප්‍රදේශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර අතර එහිදී කොළඔ 14 සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, එදිරිසිංහ මාවත ස්ටේඩියම්ගම සිරිමුතු උයන අසල නිවාස 1000කින් සමන්විත මහල් නිවාස සංකිර්ණය ඉදිකිරීමේ කටයුතු මුලින්ම ආරම්භ කෙරිණ.

කොරෝනා වෛරසය ඇතුළු වසංගත රෝග පැල්පත් නිවාස ආශ්‍රිතව පැතිරයාමේ වැඩි ඉඩක් පවතින නිසා පැල්පත් නිවාස වෙනුවට නව මහල් නිවාස සංකිර්ණ එම ජනතාවට ලබාදිමේ වැඩසටහන කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.

මෙහි ඉදිකෙරන එක් නිවාසයක ප්‍රමාණය වර්ග අඩි 550කි. ආසියානු යටිතල පහසුකම් සහ සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන මෙම මහල් නිවාස සංකිර්ණය වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් මිලියන 5950කි.

වසර 03ක් ඇතුළත මෙම මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට නියමිත අතර නාගරික සංවර්ධන අධිකාරියේ පුර්ණ අධික්‍ෂණය යටතේ ඉදිකිරිම් සිදුකරනු ලබන්නේ ඇක්සස් ඉංජිනියරින් සමාගම විසිනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්