නවතම පුවත්

කරාපිටියේ කොරෝනා පෙත්ත , ධම්මික පැනිය වගේම මිත්‍යාවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු වී කොරෝනා වෛරසයට ඖෂධයක්  නිපදවා ඇති බව ප්‍රචාරය කිරීම ධම්මික පැණියේ දෙවන අවස්ථාව බව ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී .

එම සංගමය විසින් අද  කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා සඳහන් කළේ කිසිම ආකාරයකින් එම ඖෂධය ආයුර්වේද දෙපාර්තම්නේතුවේ තාක්ෂණික කමිටුවේ අනුමැතියක් ලැබී නැති බවය.

කිසිම ඖෂධයක් වෛද්‍ය උපදෙස් නොමැතිව ලබා නොගත යුතු අතර බොහෝ දෙනෙකු නොදැනුවත්ව වුවද ශරීර තුළ බෝ නොවන රෝග පැවතිය හැකි හෙයින් එවැනි තත්ත්ව වලදී මෙවැනි ඖෂධ හරහා සිදුවන්නේ හානියක් බව සොයිසා මහතා කියා සිටියේය.

වෘත්තීය ආචාර ධර්ම පවා නොතකා බටහිර වෛද්‍යවරු කිහිප දෙනෙක් විසින් දේශීය ඖෂධයක් නිපදවා මේ වන විටත් එය වෙළඳපොළට මුදා හැර ඇති නමුත් එවැනි අනුමැතියක් නොමැති ඖෂධයක් භාවිතා නොකරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය

මෙවැනි මාෆියා තුළින් සිදුවන්නේ ජනතාව නොමඟ ගොස් ඔවුන්ගේ මුදල්, කාලය මෙන්ම සෞඛ්‍යය ද අනතුරට හෙළා ගන්නා බව යැයිද වෛද්‍ය විමුක්ති ද සොයිසා මහතා පැහැදිලි කරන ලදී.

කොරෝනා සඳහා ලොව කොතැනක හෝ ආයුර්වේද හෝ බටහිර ඖෂධයක් නොමැති බවත් ඇත්තේ ප්‍රතිශක්තිකරණය ඇති කරන ඖෂධ පමණක් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්