නවතම පුවත්

චීන එන්නතට WHO අනුමැතිය හිමිවේ – ලබන සතියේ සිට ශ්‍රී ලාංකිකයින්ටත් ලබාදේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ නිෂ්පාදිත Sinopharm කොරෝනා මර්දන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ( WHO) අනුමැතිය හිමිව තිබේ.

මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් මෙරට  ආසාදිතයින් බහුල ප්‍රදේශවල  ජනතාවට ලබාදීමට මෙරට රජයද මේ වනවිට  තීරණය කර ඇත.

එසේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා   පැවසීය.

චීන රජය විසින් මෙරටට එන්නත් මාත්‍රා 600,000 පරිත්‍යාග කළ අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයින්ට ලබාදුනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්