දඹුල්ල වයිකින්ස් හමුවේ කොළඹ කිංග්ස් අසීරු තත්වයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර අද (1 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවි ලකුණු 175 ක් ලබාගත්තේය.  මේ වන විට පන්දුවට පහර දෙන කලම්බෝ කින්ගස් කණ්ඩායම මේ වන විට කඩුළු 03 ක් දැවී ලකුණු 40 ක් රැස් කරගෙන් සිටි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ තරගයේ 06 වන පන්දුවාරයයි.

ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ ඉදිරිපෙල පිතිකරු ඩැනියෙල් බෙල්-ඩ්‍රමන්ඩ්ට සහ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සුට මෙම තරගයේදී කණ්ඩායමේ ස්ථාන අහිමිවී ඇත. ඔවුන් දෙදෙනා වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කොළඹ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සහ තුන් ඉරියව් ක්‍රීඩක පුලින තරංග පළමු වරට අද දිනයේදී ලංකන් ප්‍රිමියර් ලීග් තරග බිමට පිවිසුනා.