නවතම පුවත්

‘කල්‍යාණි රන් පිවිසුම’ විවෘතවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ  විවෘත කෙරුණි.

මීට අදාළ උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව  සංවිධානය කර තිබිණ

එල්ලෙන පාලමක ස්වරූපයකින් සමන්විත මෙය අපේ රටේ පාලම් ඉතිහාසයට නව පිටුවක් එකතු කොට ඇත. දිගින් මීටර් 180ක් වන මෙමෙ පාලම ඉදිකිරීම් අනුමැතිය ලැබුණේ 2014 වසරේදී වන අතර මෙවැනි තාක්ෂණයක් පාවිච්චි කොට අපේ රටේ ඉදිවූ ​ප්‍රථම පාලමද මෙය වේ.

කටුනායක අධිවේගී මාර්ගයත් ,ඉඟුරු කඩේ හංදියේ සිට කොටුව දෙසට ගමන් කරන කුළුණ මතින් දිවෙන අධිවේගී මාර්ගත් , ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුළුණ මතින් දිවෙන අධිවේගී මාර්ගත් , ජාලාව එකිනෙකට සම්බන්ධ වන ලෙස මෙම ව්‍යාපෘතිය ​ක්‍රියාත්මක වේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීම නිසා කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2012 වසරේ මූලික සැලසුම් සකස් කර 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් යොදා නව කැළණි පාලම ඉදිකිරිම සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී.

ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කර ලදී. කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වේ. කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6 ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4 ක් වන ආකාරයෙන් නිර්මාණය වේ. කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380 කි. පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි. පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539 ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896 ක් වැය කර ඇත. ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) මූල්‍ය දායකත්වය මත මෙම පාලම ඉදිකර ඇත.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණිතිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා මාර්ගය දෙපස අලංකාර කිරීම සඳහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරඳ, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සඳහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක්ද ඉදි කර ඇත.

මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසාත් කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාර ස්වභාවය පෙන්නුම් කිරිම සදහාත් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවදානය යොමු කර නව කැලණි පාලම විදුලි ආලෝකකරණය කර ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්