නවතම පුවත්

කහ මිල පහළට

Roshan

Roshan

දම්පත් රණසිංහ

අමු කහ මිල මේ වන විට රුලියල් 200 ත් 250 ත් අතර මිලක් දක්වා පහල බැස තිබේ.

රුපියල් 1000 සීමාව ඉක්මවා ගොස් තිබුණු අමු කහ කිලෝවක මිල මේ වන විට පහළ බැස ඇත්තේ කහ අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති බැවිණි.

කහ ආනයනයට විශාල මුදලක් වැයවූ බැවින් ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කහ ඇතුළු කළුබඩු කිහිපයකට ආනයන සීමා පැනවීමට මෙයට වසර එකහාමාරකට පෙර පියවර ගත්තේය.

ඒත් සමඟ කහ මිල ඉහළ ගිය අතර දැඩි කහ හිඟයක්ද රටේ ඇති විය. අමු කහ කිලෝව රුපියල් 1000 ඉක්ම වූ මිලකට අලෙවි විය.

මේ වන විට කහ වගාව රටපුරා ඉතා සාර්ථකව සිදුවන බැවින් කහ හිගය පියවී කහ අපනයනය කිරීමේ තත්ත්වය මෙවර අස්වැන්න ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ ගොවීන්ගෙන් කහ මිලදී ගැනීමට කුළු බඩු මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව මේ වන විට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්කර ඇති බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්