නවතම පුවත්

‘ක්‍රිකට්’ නිසා කෝප් කමිටුව උණුසුම්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් එහි ප්‍රධානීන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ විවිධ කතා-බස් හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) අද (14)  පස්වරුවේ උණුසුම් මුහුණුවරක් ගත් බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ක්‍රිකට් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක්  එහි ප්‍රධානීන්ට දිගින් දිගටම චෝදනා කළහ.

ඕස්ට්‍රේලියානු ටී 20 සංචාරට ගිය  ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ  නිලධාරීන් විශාල පිරිසකට සහ  නිළියන් කිහිප දෙනකු වෙනුවෙන්  කෝටි ගණනක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව ප්‍රශ්න කෙරිණ.

එම සංචාර වෙනුවෙන් රුපියල් කෝටි හයකට වැඩි මුදලක් වැය කර ඇති බවද  එහිදී සඳහන්විය.

මේ  සංචාරය  සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීම පිළිබඳවද  සාකච්ඡා කෙරිණ. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා  කැඳවා මේ පිළිබඳව විමසීමටද ඒ අනුව තීරණය කෙරිණ.

නාස්තිකාර ආකාරයට මුදල් වියදම් කිරීම නතර කරන්නැයි  කෝප් කමිටුව මෙහිදී  ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

එසේම විදෙස් සංචාර සඳහා මාධ්‍යවේදීන් ගෙන යාමේදී විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසටද  කෝප් කමිටුව  නියෝග කළේය.

ක්‍රීඩකයන්ට භෞත චිකිත්සකයන් ප්‍රතිකාර කිරිමේ ගැටලු පවතින හෙයින්  ඒ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක්  මෙහිදී  පැවසූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන්  ළඟදි තව දින තුනක් කැඳවීමටද  කමිටුව තීරණය කළේය.

මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ දයාසිරි ජයසේකර, හේශා විතානගේ යන මහත්වරුද  ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක්ද  සහභාගි වූහ.

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්