නවතම පුවත්

ශ්‍රී ලංකා රතු කුරුසයෙන්, මිලියන 140ක ආපදා සහන වැඩසටහනක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින , ගම්පහ , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහන සැලසීම සඳහා , ශ්‍රී ලංකා රතුකුරුස සමාජය , රුපියල් මිලියන 140කට අධික මූල්‍යමය වටිනාකමකින් යුත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත .

මෙම ආපදා සහන වැඩසටහන හරහා , අදාළ දිස්ත්‍රික්ක තුනෙහි , පවුල් 3000කට පමණ අයත් පුද්ගලයින් 15000කට පමණ සහන සැලසීම , ශ්‍රී ලංකා රතු කුරුසයේ ඉලක්කය හා අපේක්‍ෂාව වී ඇත .

පීඩාවට පත් ජනතාව වෙත මූල්‍යාධාර ලබාදීම , අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීම , මෙන්ම , වෛද්‍යාධාර හා ප්‍රථමාධාර ලබාදීම , පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක තත්වයන් ඉහල නැංවීමට පියවර ගැනීම , පිරිසිදු කිරීමේ ව්‍යාපෘති , වියලි ආහාර බෙදාදීම , පාසල් පොත් පත් හා උපකරණ බෙදාදීම ඇතුළු කටයුතු රැසක් මෙම වැඩසටහනට ඇතුලත්ව ඇති බව ශ්‍රී ලංකා රතු කුරුසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත පැවසීය .

හදිසි ආපදා ප්‍රතිචාර අරමුදල (Disaster Response Emergency Fund ) ,යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ වැඩසටහන , ජාත්‍යන්තර රතුකුරුසයේ හා ජාත්‍යන්තර අඩසඳ සමාජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් , මාස හතරක කාලාසීමාවක් පුරා මෙම ආධාර වැඩසටහන දියත් කරන බවත් , අබේසිංහ මහතා පැවසීය .

මෙම වැඩසටහන දැනටමත් අදාළ දිස්ත්‍රික්ක තුනෙහිම සාර්ථකව ක්‍රියාත්මකවෙමින් ඇති අතර එළඹෙන පෙබරවාරිය වන විට වැඩසටහනේ සියලු ඉලක්ක සපුරාලීමටද නියමිතව ඇත .

මෙම ආපදා සහන වැඩසටහනේ විවිධ කොටස් ගැන වැඩිදුරටත් පැහැදලි කරමින් ජගත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේද පැවසීය ,

මූල්‍යාධාර බෙදාහැරීමේ වැඩසටහන හරහා පවුල් 1900 ක , පුද්ගලයින් 9500කට සහන සැලසීමට නියමිතයි . එසේම මෙහිදී පුද්ගලයින් 50000කට පමණ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමට කටයුතු කරනවා . එසේම වෛද්‍ය කඳවුරු හරහා 40000කට අධික පිරිසකට වෛද්‍යාධාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා . මෙහිදී විශේෂයෙන් වැඩිමහල් පුද්ගලයින්ට හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට විශේෂ අවධානයක් යොමුකෙරෙනවා .

පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක වැඩසටහන් හරහා 14000 කට අධික පිරිසකට සෙත සැලසීමට සැලසුම් කර තිබෙනවා . එසේම පාසල් ළමුන් 4000කට අධික සංඛ්‍යාවකට පාසල් පොත් පත් හා උපකරණ ලබාදෙමටද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර තිබෙනවා . වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්