නවතම පුවත්

“ක්‍රිප්ටෝ”ගැන අනතුරු ඇඟවීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළ තුළ අතථ්‍ය මුදල් භාවිතය සම්බන්ධ මෑතකාලීන වර්ධනයන් මෙන්ම අතථ්‍ය මුදල් සම්බන්ධව කරන ලද විමසීම් සැලකිල්ලට ගනිමින් පහත සඳහන් කරුණු මහජනතාවට දැනුම් දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

අතථ්‍ය මුදල් යනු පුද්ගලිකව නිකුත් කරනු ලබන සහ ඉලෙක්ට්‍රොනිකව හුවමාරු කළ හැකි බොහෝ දුරට නියාමනය කිරීමකට යටත් නොවන, වටිනාකම් ඩිජිටල් ආකාරයට නිරූපණය කිරීමක් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 සහ 2021 වසර වලදී මාධ්‍ය නිවේදන මගින් මහජනතාවට දැනුම් දුන් පරිදි, අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ඇතුළු අතථ්‍ය මුදල් සම්බන්ධ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු ආයතනයකට හෝ සමාගමකට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිදු ආයතනයකට මූලික කාසි නිකුතුවකට (Initial Coin Offerings) හෝ පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට (Mining Operations) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළක් (Virtual Currency Exchange) ක්‍රියාත්මක කිරීමට හෝ බලය පැවරීමක් කර නොමැත.

තවද, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2021 අංක 03 දරන නියෝගය ප්‍රකාර ව අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (Electronic Fund Transfer Cards) භාවිත කිරීමට අවසර නොමැත. එබැවින්, අතථ්‍ය මුදල් නියාමනය නොවන මූල්‍ය උපකරණ (unregulated financial instruments) ලෙස සලකනු ලබන අතර, ශ්‍රී ලංකාව තුළ ඒවායේ භාවිතය සම්බන්ධයෙන් නියාමන අධීක්ෂණයක් හෝ ආරක්ෂාවක් නොමැත.

එබැවින්, අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීම තුලින් පරිශීලකයින් නිරාවරණය විය හැකි සැලකිය යුතු මූල්‍ය (Financial), මෙහෙයුම් (Operational), නීතිමය (Legal) සහ ආරක්ෂණය (Security) සම්බන්ධ අවදානම් මෙන්ම පාරිභෝගික ආරක්ෂාව (Customer Protection) සම්බන්ධ ගැටළු පිළිබඳ ව මහජනතාවට අනතුරු අඟවනු ලැබේ. අන්තර්ජාලය මෙන්ම වෙනත් මාධ්‍ය හරහා ඉදිරිපත් කරනු ලබන විවිධ වර්ගයේ අතථ්‍ය මුදල් යෝජනා ක්‍රමවලට හසු නොවන ලෙසද මහජනතාවට අනතුරු අඟවනු ලැබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්