නවතම පුවත්

වෙළඳ හිඟය අඩු වේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වා දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයනය වියදම පහළ ගියේය. මේ අතර 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය. 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේ දී සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ ගියේය. 2022 වසරේ මැයි මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීම් වාර්තා විය. දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ මත වූ ද්‍රවශීලතා පීඩනය සැලකිල්ලට ගනිමින්, මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මාසයේ දී යම් ආනයන මත මුදල් ආන්තික අවශ්‍යතා පනවන ලද අතර රජය විසින් විවෘත ගිණුම් සහ භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම මත සිදුකළ ආනයන මත සීමා පැනවීම වැනි අනෙකුත් ක්‍රියාමාර්ග හඳුන්වා දෙන ලදී. මෙම පියවර මගින් අවිදිමත් විදේශ විනිමය වෙළෙඳපොළ ක්‍රියාකාරකම් සීමා කිරීමටත් නිල සහ අවිධිමත් වෙළෙඳපොළ විනිමය අනුපාතික අතර පරතරය අඩු කිරීමටත් බලාපොරොත්තු විය. මේ අතර, අන්තර් බැංකු වෙළදපොලේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මාසය තුළ දී එක්සත් ජනපද ඩොලරයට රුපියල් 359ක් ලෙස ස්ථාවරව පැවති අතර, මේ සඳහා දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය කළමනාකරණය කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රියාමාර්ග සහ වෙළෙඳපොළ මාර්ගෝපදේශ උපකාරී විය.

වෙළඳ භාණ්ඩ ශේෂය සහ වෙළෙඳ මිල අනුපාතය

වෙළඳ ශේෂය: අපනයනවල සැලකිය යුතු වර්ධනය වීම මෙන්ම ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මත ආනයන මන්දගාමී වීම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය, 2022 වසරේ මැයි මාසයේදී මාසික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව පස්වන මාසයටත්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව තෙවැනි මාසයටත් පහළ යෑමක් වාර්තා කළේය. වෙළෙඳ ගිණුමේ හිඟය, 2021 වසරේ මැයි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 716ක හිඟයට සාපේක්ෂව, 2022 වසරේ මැයි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 404ක් දක්වා පහළ ගියේය. සමුච්චිත පදනම් මත, වෙළඳ ගිණුමේ හිඟය මෙම වසරේ දී ප්‍රථම වරට මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම් මත පහළ ගියේය. ඒ අනුව, 2022 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාල පරිච්ඡේදය තුළ වෙළඳ හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 3663ක සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 3535ක් දක්වා පහළ ගියේය.

වෙළෙඳ මිල අනුපාතය : අපනයන සහ ආනයන මිල ගණන් අතර අනුපාතය දැක්වෙන වෙළඳ මිල අනුපාතය, 2021 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2022 වසරේ මැයි මාසයේදී සියයට 18.5කින් කැපී 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්