ක්‍රයිස්ට්චර්ච්හි වෙඩික්කරු සිද්ධිය ලයිව් දීලා- පිටු 80ක පාපෝච්ඡාරණයකුත්

Picture of අසංක

අසංක

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් සිදුවූ වෙඩිතැබීමත් සමග බංග්ලාදේශ හා නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දේවස්ථානයක් වෙත කඩාවැදුණු පුද්ගලයකු විසිනු ස්වයංක්‍රීය ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුව තිබුණේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඒ ආසන්නයේ රැඳී සිටියදී ය.

27 දෙනකුට මරු කැදවූ සැකකරු එහිදී වෙඩිතැබීම් 50ක් පමණ සිදුකර ඇතැයි දැනට අනාවරණය වූ බව විදෙස් වාර්තා පවසයි.

කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් පවසා ඇත්තතේ මන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වූ බවයි.

ප්‍රහාරයෙන් දේවස්ථානය තුළ සිටි සිව්දෙනෙකුට තුවාල සිදුව ඇති අතර සැකකරු 28 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයකු බව හෙළිවී තිබේ

සැකකරු ප්‍රහාරය පිළිබද සජීවී විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ප්‍රහාරයට පෙර පිටු 80ක පමණ ප්‍රකාශයක් ද සිය සමාජ ජාල ගිණුමෙන් මුදාහැර තිබුණි.

සැකකරු මෙය හදුන්වා තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි.

28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික සැකකරු බ්‍රෙන්ටන් ටැරන්ට්