වසර 1500 කට පෙරත් මේ රට පාලනය කළ අමාත්‍යවරුන් අල්ලස් ලබාගෙන ඇති බවට ඉතිහාසයේ සාක්ෂි ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි .
එකල ද බිසෝවරුන් රාජ්‍ය පාලනයට ඇගිලි ගැසූ අවස්ථා පිළිබඳව පැහැදිළි සාක්ෂි ඇති බව සෝමදේව මහතා මාධ්‍ය වෙත පැවසීය .
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවමහතාමෙහි දීවැඩිදුරටත්මෙසේද පැවසීය,
“බිසෝවරු රාජ්‍ය පාලනයට ඇගිලි ගැසීම සහ අමාත්‍යවරුන් අල්ලස් ගැනීමත් සමග ප්‍රාදේශීය නායකයින් ජනතාව පෙළා දැමූ අවස්ථා ද ඉතිහාසයේ සාක්ෂි සහිතව පෙන්වා දී තියෙනවා සුළු මුගලන් රජුගේ බිසව පවා මෙරට පාලන බලයට දැඩිව ඇඟිලි ගැසූ බවට සාක්‍ෂි තියෙනවා . දේශපාලන නොදන්නා මෙම බිසව ඊට ඇඟිලි ගැසීම නිසා රට උඩුයටිකුරු වුන බවත් ඉතිහාසයේ දැක්වෙනවා . චූල වංශයේ මෙය දැක්වෙනවා . මේ අවුල් තත්වය අතරේ ඇමතිවරු අල්ලස් ගත් බවද චූල වංශයේ පැහැදිලිවම දැක්වෙනවා . .ඒ කාලය තුල ප්‍රාදේශීය දේශපාලනඥයින් පවා ජනතාව පෙලා තිබෙනවා . රාජ්‍ය පාලනය කියන්නේ විද්‍යාවක් , මේ ගැන නොදන්නා පුද්ගලයින් ඇඟිලි ගැහුවම රටම අවුල් වෙනවා . එය මීට අවුරුදු 1500 කර පෙරත් සිදුවෙලා තියෙනවා”