නවතම පුවත්

ක්‍රි.ව 521දීත් අපේ ඇමතිවරු අල්ලස් අරන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 1500 කට පෙරත් මේ රට පාලනය කළ අමාත්‍යවරුන්  අල්ලස් ලබාගෙන ඇති බවට  ඉතිහාසයේ සාක්ෂි ඇතැයි   පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි .

එකල ද බිසෝවරුන් රාජ්‍ය පාලනයට ඇගිලි ගැසූ අවස්ථා පිළිබඳව  පැහැදිළි සාක්ෂි ඇති බව සෝමදේව මහතා මාධ්‍ය වෙත පැවසීය  .

විජය මැරුවේ ගෝඨාභය ! - මහාචාර්ය රාජ් සෝමදේව (වීඩියෝ)

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවමහතාමෙහි දීවැඩිදුරටත්මෙසේද පැවසීය,

“බිසෝවරු රාජ්‍ය පාලනයට ඇගිලි ගැසීම සහ අමාත්‍යවරුන් අල්ලස් ගැනීමත් සමග ප්‍රාදේශීය නායකයින් ජනතාව පෙළා දැමූ අවස්ථා ද ඉතිහාසයේ සාක්ෂි සහිතව පෙන්වා දී තියෙනවා  සුළු මුගලන් රජුගේ බිසව පවා මෙරට පාලන බලයට දැඩිව ඇඟිලි ගැසූ බවට සාක්‍ෂි තියෙනවා . දේශපාලන නොදන්නා මෙම බිසව ඊට ඇඟිලි ගැසීම නිසා රට උඩුයටිකුරු වුන බවත් ඉතිහාසයේ දැක්වෙනවා . චූල වංශයේ මෙය දැක්වෙනවා . මේ අවුල්  තත්වය අතරේ  ඇමතිවරු අල්ලස් ගත් බවද චූල වංශයේ පැහැදිලිවම දැක්වෙනවා . .ඒ කාලය තුල ප්‍රාදේශීය දේශපාලනඥයින් පවා ජනතාව පෙලා තිබෙනවා . රාජ්‍ය පාලනය කියන්නේ විද්‍යාවක් , මේ ගැන නොදන්නා පුද්ගලයින් ඇඟිලි ගැහුවම රටම අවුල් වෙනවා . එය මීට අවුරුදු 1500 කර පෙරත් සිදුවෙලා තියෙනවා”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්