නවතම පුවත්

කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

අසංක

අසංක

කාන්තාවන්ට තනිව සංචාරය කිරීම සඳහා තොරාගත් රටවල් ලැයිස්තුවකින් ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව අංක 01ට තේරී පත්ව තිබේ.

ඒ www.timeout.com විසින් මෑතකදී සිදුකළ සමීක්ෂණයකට අනුව ය.

වර්තමානයේදී කාන්තාවන් හුදකලාව සංචාරයට ඇලුම් කරන අතර බොහා් කාන්තාවන් තනිවම විදේශගත වීමට සලකා බලන බව එම සමීක්ෂණය පෙන්වා දෙයි.

එනම් වෙන කවරදාකටත් වඩා කාන්තාවන් නව මිතුරන්, විවිධ සංස්කෘතීන් සහ අමතක නොවන අත්දැකීම් සොයමින් දුර බැහැර ගමනාන්ත වෙත යමින් සිටිති.නමුත් ඔවුන් යා යුත්තේ කොතැනටද, ඔවුන් දැනගත යුත්තේ කුමක්ද? යන්න පිළිබඳ මෙම සමීක්ෂණයේදී අවධානය යොමුකර ඇත.

ත්‍රාසජනක ගමනක් සොයන කාන්තාවන්ට සාපේක්ෂව ආරක්ෂිත සහ පහසුවෙන් ගමන් කිරීමට රටවල් කිහිපයක් මෙහිදී ලැයිස්තුගත කර තිබේ.

සාමකාමීව ගමන් කළ හැකි මංමාවත්, මිත්‍රශීලී ප්‍රදේශවාසීන් සහ නව පුද්ගලයින් හමුවීමට හෝ තනිව කාලය ගත කිරීමමට හොඳම ස්ථාන පිළිබඳ එහිදී විමසා බලා තිබේ.

හුදකලා කාන්තා සංචාරකයින් සඳහා හොඳම ගමනාන්ත නවයක් තෝරාගෙන සහ ආරක්ෂිතව සිටිය යුතු ආකාරය පිළිබඳ දැනගැනීමේ උපදෙස් ද සමඟින් මෙම සමීක්ෂණය ප්‍රථිඵල වාර්තා කර ඇත.

එම වාර්තාව පහතින්.

https://www.timeout.com/travel/solo-female-travel-best-destinations

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්