නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වෙයි -දුපපත්කමත් තවම ඉහළයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් සියයට 2.2 ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බවද ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංවර්ධන ඇගයුම – ‘බ්‍රිඩ්ජ් ටු රිකවරි ‘(Bridge to Recovery) නම් වු වාර්තාව මගින් පෙන්වාදි ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ බැසිමක් ඇති බවත්, නව මුල්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරිම නිසා ඉහළ ආදායමක් ලබන බවත් ය.

වැඩි වු මුදල් සංප්‍රේෂණය කිරිම මගින් සහ සංචාරක ව්‍යපාරයෙන් ලැබෙන ආදායම් වැඩිවිම මගින් දශක පහකට පසුව පළමු වරට ශ්‍රී ලංකාවේ ජංගම ගිණුම් අතිරික්තයක් පෙන්නුම් කරන බවද එම වාර්තාව සදහන් කරයි.

නමුත් දරිද්‍රතා මට්ටම එකදිගට අවුරුදු හතරක් වැඩි වු අතර ශ්‍රි ලාංකිකයන්ගේ සියයට 25.9 ක් 2023 වර්ෂයේ දි දරිද්‍රතා මට්ටමට පහලින් ජිවත් විය.

ශ්‍රම බලකායේ සහභාගිත්වය ද අඩුවිමක් පෙන්නුම් කරන අතර විශේෂයෙන් කුඩා ව්‍යවසායන් සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් වසා දැමිම නිසා කාන්තාවන් අතර සහ නාගරික ප්‍රදේශවල ජනතාව අතර ශ්‍රම බලකා සහභාගිවිමේ අඩුවක් දක්නට ලැබුණි.

භාණ්ඩවල ඉහළ මිල, ආදායම් තත්ත්වය අඩුවිම සහ අඩු ආදායම් සහිත රැකියා පැවතිම වැනි විවිධ ප්‍රශ්නවලින් ජනතාව පිඩනයට පත් වී සිටි.

මේ හේතුව නිසා ජනතාවට ආහාර අවශ්‍යතා සපුරාගැනිම සඳහාද සෞඛ්‍යය හා අධ්‍යාපන වියදම් පවත්වාගෙන යාම සඳහාද ණයගැනිමට සිදු වී ඇත.

“ශ්‍රි ලංකාවේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතින නමුත්, රටතුල සිදුකරමින් සිටින ශක්තිමත් සහ විශ්වාසනීය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල මාවතේ අඛණ්ඩ පැවැත්ම සහ දුප්පත් සහ අවදානමට ලක් වී ඇති ජනතාව කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම අඩුකිරිම සඳහා දරන ලද තිරසාර උත්සාහයන් ද ඉතා වැදගත්ය”, යනුවෙන් ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රි ලංකාව යන රටවල් සඳහා අධ්‍යක්ෂ, ෆාරිෆ් හඩාඩ් සර්වෝස් මහතා පවසයි. “මෙයට උපාය මාර්ගය දෙකක් ඇතුළත් වේ.

පළමුව, සාර්ව ආර්ථික ස්ථාවරත්වයට දායක වන ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ දෙවනුව, ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාවය අඩු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පුද්ගලික ආයෝජන සහ ප්‍රාග්ධන ගලා ඒම ධෛර්ය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම වාර්තාව මගින් 2025 වර්ෂයේ දී සියයට 2.5 ක ආර්ථික වර්ධනයක් ඇතිවන බවට පුරෝකථනය කර ඇති අතර එම වර්ෂය වනවිට උද්ධමනට සාමාන්‍ය ලෙස ඉහළ යාමක් සහ ජංගම ගිණුමේ සුළු අතිරික්තයක් ඇතිවන බවට එම වාර්තාව සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්