නවතම පුවත්

කාරියවසම්ට ගම්මන්පිලගෙන් පිලිතුරු

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ඉන්ධන මිල වැඩි කරන තීන්දුව ගන්නා ලද්දේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාද ඇතුළු කමිටුවක තීරණයක් අනුව බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී

 

ඒ අනුව තමන් විසින් සිදු කළේ ජනාධිපති හා අගමැතිගේ තීරණයක් අනුව සිදු කල මිල වැඩි කිරිම ප්‍රකාශයට පත්කිරීම පමණක් යැයිද ඔහු අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලිඛිතව දැනුම් දීමක් ඒ සම්බන්ධයෙන් කර තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්ධන මිල වැඩි කරන ලෙස දැනුම් දී තිබූ බවත් ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

 

තමන්ගේ තනි තීරණයකට අනුව තෙල් මිල වැඩි කලේ නම් ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි රැගෙන තමන් සමග විවාදයකට පැමිණෙන ලෙසද ගම්මන්පිල මහතා , සාගර කාරියවසම් මහතාට මෙහිදී අභියෝග කළේය

 

තම පක්ෂයේ නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ නියෝගයක් , පක්‍ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා මෙසේ අභියෝගයට ලක් කලේ කෙසේදැයි පරීක්‍ෂණයක් කල යුතු බවද ගම්මන්පිල මහතා එහිදී පැවසීය.

 

සාගර කාරියවසම් නම් ප‍්‍රාණියෙක් මේ මහ පොලොවේ ජීවත් වන බව තමන්ද මීට වසර 05කට පමණ පෙර දැන සිටියේ නැතැයිද පැවසූ ඇමතිවරයා අද ඒ ප‍්‍රාණියා මහින්ද රාජපක්‍ෂ නම් චරිතයට අභියෝග කරන තැනට පත් වූයේ කෙසේදැයි මවිතයට පත්වන බවද සඳහන් කළේය .

 

මහ ලේකම්වරයා විසින් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කරමින් මහින්ද රාජපක්‍ෂ මහතාටම විරුද්දව ලිපියක් ලියා ඇතැයිද කී ඇමතිවරයා මෙම ලිපිය නිකුත් කර ඇත්තේ ජනපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ අනුදැනුමකින් තොරව බවද පැවසීය

 

එමෙන්ම නිවේදනය නිකුත් කිරිම සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු එකගතාවයක් නොතිබූ බවත් එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව හෝ ඉදිරිපෙල කිසිවෙකු හෝ දැනුවත් කර නැති බවත් කී ගම්මන්පිල මහතා මේ ගැන ඇමතිවරුන් කිහිප දෙනෙකුම තමන් අමතා දැන්වූ බවත් පැවසීය.

 

මෙම සිදුවීම පසුපස බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි මාධ්‍ය කල විමසීමේදී ඇමතිවරයා සදහන් කලේ තමන් පසුපසනම් බැසිල් රාජපක්‍ෂ මහතා නැති බවත් සාගර කාරියවසම් පසුපස මහතා බැසිල් රාජපක්‍ෂ මහතා සිටින්නේදැයි දන්නේ ඔහුම බවත්ය.

 

මහින්ද රජපක්‍ෂ මහතාට පහර දීමට උවමනා කිසිවෙකු සෘජුව ඔහුට පහර නොදී ඔහුගේ තීන්දු වලට හා ඔහු සැබෑ ලෙසම රකින්නන්ට පහර දෙමින් සිටින බවත් ඔවුන් කවුදැයි සොයා හෙලිදරවු කර ගැනිම ජාතික උවමනාවක් වන බවත් ගම්මන්පිල මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්