නවතම පුවත්

දකුණු කොරියානු රැකියා පංගුව අහිමි වීමේ තත්වයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවක් වීසා කාලය අවසන් වුවද දකුණු කොරියාවේ තවදුරටත් රැකියාවල නිරතව සිටීම නිසා එරටින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා පංගුව අහිමි වීමේ තත්වයක් උද්ගතවී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අනතුරු අඟවා සිටී ..

 

වීසා නොමැතිව දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් වහාම ගෙන්වා ගන්නා ලෙස දකුණු කොරියානු රජය ශ්‍රී ලංකාවට දන්වා ඇති බවත් එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට රැකියා විශාල සංඛ්‍යාවක් අහිමිවීමේ අවදානමක් ඇති බවත් රත්වත්තේ මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී දකුණු කොරියාවේ රැකියාවලට ගොස් වීසා අවසන් වූ 2000 පමණ තවදුරටත් එහි රැඳී සිටින බවත් ඔවුන් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවත් සභාපතිවරයා සඳහන් කරයි

 

සභාපති වරයා වැඩිදුරටත් පැවසුවේ එසේ නොවුණහොත් ඔවුන් වෙනුවෙන් ඇපකර අත්සන් කළ පුද්ගලයන්ට එරෙහිව නීතියානුකූල පියවර ගන්නා බවත් අදාළ ශ්‍රමිකයන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවත්ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්