නවතම පුවත්

කාලගුණේ නිසා හැරී ආ හොර පාරෙන් රට පනින්න ගිය පිරිසක් කොටුවෙයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

මීගමුවෙන් ඉකුත් 05 වෙනිදා බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් හලාවතින් ඊයේ ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවී ඇත.

පුද්ගලයින් 19 දෙනෙක් එසේ කොටුකරගෙන තිබේ. මෙම පිරිස රැගෙන යාමට පැමිණි වෑන් රථයක්ද එහි රියදුරු සහ රිය සහයකයෙක්ද මෙම පිරිසට අමතරව කොටුකරගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මීගමුවෙන් කැනඩාව බලා යාත්‍රා කල බහුදිිින යාත්‍රාවේ මෙම 19 දෙනාට අමතරව තවත් පිරිසක් ගමන්කකර ඇති බවද කොටුකරගත් අයගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී කිරීම් වලදී අනාවරණ වී ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුද රළුවීම හේතුවෙන් ඇතිවුණු අනතුරුදායක තත්ත්වය මත බහුදින යාත්‍රාවේ සිටි පිරිස් කුඩා බෝට්ටටු කිහිපයක් ගෙන්වාගෙන ඒවායේ නන්වා ගොඩබිමට රැගෙනවිත් ඇතැයිද විමර්ශන වලින් හෙළිවී තිබේ.

නාවික හමුදාවට කොටුවී ඇත්තේ එසේ ගොඩබිමට පැමිණි එක් කණ්ඩායමකි. ඔවුන්ව කොටුවී ඇත්තේ හලාවත මෝය ප්‍රදේශයේ දී බව නාවික හමුදාව සඳහන් කරයි.

එසේ කොටුවූ අය අතර පිරිමින් 16 දෙනෙක් සහ කාන්තාවන් 03දෙනෙක් සිටිති. ඒ අය අතර දරුවන් 03දෙනෙක් සිටී.

කැනඩා ගමන සඳහා රුපියල් ලක්ෂ 20 සිට ඉහළට මුදල් අයකරගෙන ඇති බවද අනාවරණය වී ඇත.

විමර්ශන කටයුතු සඳහා මෙම පිරිස හලාවත පොලිසියට බාර දිිිිිිිිිි තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොට්ඨාසය මගින් ද මේ සම්බන්ධයෙන් මේ වන විට කරුණු සොයමින් සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්