කාශ්මීරයේ සංචාරය කිරීමට එරෙහිව පැනවූ සංචාරක උපදේශන එළඹෙන බහස්පතින්දා (10) දින ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය අගෝස්තු 2 වනදා නිකුත් කරන ලද මෙම සංචාරක සීමා උපදේශන එළඹෙන බ්‍රහස්පතින්දා සිට ඉවත් කරන බව ජම්මු හා කාශ්මීර රජය ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
කෙසේවෙතත්, බ්‍රිතාන්‍යය ඇතුළු ලොව බොහෝ රටවල තවමත් කාශ්මීරයට සංචාරය කිරීම පිළිබඳ සීමාවන් පනවා ඇති බවද වාර්තා වේ.
ව්‍යවස්ථානුකූලව කාශ්මීරයේ පැවති දේශපාලන ස්වාධීනත්වය ඉවත් කිරීමට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ රජය ගත් පියවර සමඟ හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා මෙම උපදේශන පනවා තිබිණ