කැති, මන්නා, පුපුරණ ද්‍රව්‍ය බාරදෙන්න පොදු සමා කාලයක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

නීතිවිරෝධී ලෙස මන්නා, කැති ආදී තියුණු ආයුධ සහ බෝම්බ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන් ඉදිරි පැය 48 ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙසට පොදු සමා කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

එම කාලය තුළ එවැනි සියලුම තියුණු ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදෙන පුද්ගලයන්ට සමාව හිමිවේ.

එහෙත් තවදුරටත් ඒවා ළගතබා ගෙන හසුවුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.