අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කර තිබේ.නව සංශෝධනයට අනුව ඇමති ධුර ලද අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දී ඇත.
ඒ අනුව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට එම ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී විශ්වාසභංගයකට පවා මුහුණ දී ජයගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.