නවතම පුවත්

කැස්බෑවේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාධිතයින් 05 ක් හමුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇත.

එම ආයතනයේ පුද්ගලයින් 186 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් 120 දෙනෙකුම කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එය සියයට 64.5ක ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයකි.

ඉකුත් දින කිහිපය තුළ එම කම්හල් 166 දෙනෙකුට පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් 109 දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබුණි.

තවත් 20 දෙනෙකුගේ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබූ අතර ඉන් 11 දෙනෙකුද වෛරසය ආසාදිතයින් ලෙස තහවුරු වුණි.

එම 11 දෙනා අතරින් අහඹු ලෙස තෝරාගත් 6 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවෙන් 5 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් බවට මූලික වාර්තා ලැබී තිබේ.

ඒ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්