නවතම පුවත්

මෙරට ප්‍රධාන පෙළේ බැංකු දෙකක් මහා බැංකුවෙන් දඩ කයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියාකල මෙරට ප්‍රධාන පෙළේ බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ නියම කර ඇත .

යුනියන් බැංකුවට හා ඩි  එෆ් සී සී බැංකුවට  මෙසේ මහබැංකුව දඩ නියම කර ඇති අතර ,මෙම මූල්‍ය ආයතන  විසින් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කර ඇති බවද වාර්තාවේ .

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.

2021 අප්‍රියෙල් 01 සිට 2021 ජූනි 30 දක්වා කාලයට අදාලව  මූල්‍ය බුද්ධි ඒකකය මෙම දඩ පනවා ඇත . දණ්ඩන පනවන ලද දිනය ආයතනය වටිනාකම පිලිබඳ විස්තර පහත දැක්වේ

2021 මැයි 28 යූනියන් බෑන්ක් ඔෆ් කලම්බු පී.එල්.සී.  – දඩය රුපියල් 2,000,000.00
2021 මැයි 31 ඩී.එෆ්.සී.සී. බෑන්ක් පී.එල්.සී – දඩය  රුපියල්  1,000,000.00

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්