නවතම පුවත්

කැළණි ග‍ඟේ වැලි කොට්ට ඉවත් කරයි

අසංක

අසංක

 

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්ත්වයෙන් ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ග‍‍ඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව ඊයේ (14) කටයුතු කර ඇත.

කැළණි ග‍ඟෙහි ජල මට්ටම අඩුවන කාලසීමාවේදී කැළණි ග‍‍ඟෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය සපයනු ලබන ස්ථානයට මුහුදු ජලය මිශ්‍රවීම මගින් කොළඹ ප්‍රදේශයේ පානීය ජලය සහ ගෙවතු ආශිත වගාවන් සදහා අවශ්‍යවන පිරිසිදු ජලය සැපයීමේ ක්‍රියාවලිය අඩපණ නොවී පවත්වාගෙන යාමට අඹතලේ ප්‍රදේශයේදී කැළණි ග‍ඟ හරහා වැලි කොට්ට යොදා තාවකාලික ඉදිකර තිබූ ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව මෙලෙස පසුගිය දින දෙකෙහි කටයුතු කර ඇත.

මෙම ලවණ බාධකය ඉවත් කිරීම මගින් ග‍ඟේ පෝෂක ප්‍රදේශ වලට මේ දිනවල ඇඳ හැලෙන වර්ශාව හේතුවෙන් ඉහළ යන ගංඟා ජලමට්ටම බාධාවකින් තොරව ගලා යාමට ඉඩ සැලැස්වීම මගින් ගඟ දෙපස ප්‍රදේශ වලට ඇතිවිය හැකි ගං වතුර අවධානම මඟ හැරවීම මෙමගින් අපේක්‍ෂා කෙරෙන බව නාවික හමුදාව සදහන් කරයි.

බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සදහා දැඩි පරිශ්‍රමයක් යොදා කටයුතු කර ඇත.

කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව ගංවතුර තත්වයන්ගෙන්ද ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් සිය දායකත්වය සපයමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්